2025 දී බංග්ලාදේශ ආර්ථිකය ඉන්න තැන

Base.lk 6:49 AM Technology

බංගලාදේශ ආර්ථිකයේ දල දේශීය නිශ්පාදනය 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 500 සීමාව ඉක්මවා යන බවට ආර්ථික විශේෂඥයින් අනාවැකි පළ කරනවා.

ඒ අනුව 2025 වසර වනවිට බංග්ලාදේශ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 516.24ක සංවර්ධනයක් අත්පත් කර ගැනීමට නියමිතයි.

මෙම තත්ත්වය 2025 වනවිට යුරෝපයේ ප්‍රබල රටක් වන ඩෙන්මාර්කය එමෙන්ම හොංකොං සහ සිංගප්පූරු රාජ්‍යයන් ද අභිබවා යාමක් බවයි ජාතන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.

ඩෙන්මාර්කය 2025 වසර වනවිට අත්පත් කර ගැනීමට නියමිත දල දේශීය නිශ්පාදන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 484.38ක්.

මේ වන විට පවතින ඇමරිකානු ඩොලර් වටිනාකම අනුව සිංගප්පූරුව 2025 වසරේදී ඩොලර් බිලියන 461.51ක දල දේශීය නිෂ්පාදන ඉලක්කයක් පවත්වා ගැනීමට නියමිත අතර හොංකොං රාජ්‍යයේ ඉලක්කය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 452.1ක්.

එමෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 500 සීමාව ඉක්මවා යාමත් සමඟ බංග්ලාදේශය නෝර්වේ රාජ්‍යයේ දල දේශීය නිෂ්පාදනය (ඩො.බි.497.55), පිලිපීනයේ දල දේශීය නිෂ්පාදනය (ඩො.බි 506.66)ක් සහ තෙල් සම්පතින් ශක්තිමත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදනය (ඩො.බි 480.03)ක් ද අභිබවා යන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරන්නේ.

බංග්ලාදේශයේ ජාතික ආර්ථික බියුරෝවේ දත්ත සටහන් අනුව ඔවුන් 2021 වසර අවසන් වනවිට අත්පත් කර ගන්නා වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 355ක්.

එය 2020 වසරේ වාර්තා කර ගත් ඇමරිකානු ඩොලර් බිලියන 323ක වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය ඉලක්කය අභිබවා යාමක්

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරන්නේ, මේ වනවිට බංග්ලාදේශය පවත්වාගෙන යනු ලබන 6.4% ක ආර්ථික වර්ධන වේගය 2025 වසර වන විට 7.2% දක්වා ඉහළ යනු ඇති බවටයි.

මේ වනවිටත් දකුණු ආසියානු කලාපයේ වේගවත්ම ආර්ථික වර්ධන වේගයක් රඳවා ගෙන ඇති රාජ්‍යය වන්නේ බංග්ලාදේශයයි.

මෙලෙස අත්පත් කර ගන්නා සංවර්ධන ඉලක්කයන් අනුව බංග්ලාදේශය ඉදිරි දශකය තුළ දකුණු ආසියානු කලාපයේ ශක්තිමත්ම ආර්ථිකය හිමි රට බවට පත් වනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive