සිංගප්පූරුවේ කොරෝනා මරණ ඉහළට

Base.lk 6:49 AM Technology

පසුගිය සති 3 තුළ දී සිංගප්පූරුවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

එම කාලසීමාවේදී එරට කොරෝනා මරණ 160ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙන් වැඩි ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකකයන් හි ප්‍රතිකාර ලැබීම මරණ ඉහළ යාමට හේතුවක් වී තිබෙනවා.

ඔක්තෝම්බර් 24 වැනි දා දක්වා එරට දැඩි සීමා යොදා ඇති අතර ඉදිරියේදී වාර්තා වන ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අනුව එම සීමා ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive