අණ නොතකා යතුරුපැදියකින් පළා ගිය, තරුණයින් දෙදෙනෙකු ලොරි රථයකට යට වී මරුට

Base.lk 6:49 AM Technology

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

තණමල්විල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදීයි ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ.

යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටී ලොරි රථයකට යට වී ඇති බව පොලිසිය සඳහන් කළා.

අදාළ යතුරුපැදිය ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටින අතරතුර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පොලීසිය විසින් නතර කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාළ තරුණයින් පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදියි මෙම අනතුර සිදුව ඇත්තේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive