ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට, රාජ්‍ය ඇමති සනත් නිශාන්තට චෝදනා

Base.lk 6:49 AM Technology

පුත්තලම - මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධ ගැටලු‍වකට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැදිහත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මහකුඹුක්කඩවල - ජයරාජපුර ප්‍රදේශයේ පිහිටි අදාළ ඉඩම අක්කර 50කින් සමන්විත අතර,  එහි හිමිකරු බව කියන ලාල් ප්‍රියන්ත සඳහන් කළේ, ඉඩමේ සංවර්ධන කටයුතු සිදු කරන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී මුරකරු පලවා හැර ඉඩම ඩෝසර් කිරීමට කටයුතු කර ඇති බවයි.

පසුව තමන් මේ පිළිබදව මහකුඹුක්කඩවල පොලිසියට පැමිණිලි කළ බව, ඉඩමේ හිමිකරු බව කියන ලාල් ප්‍රියන්ත නැමැත්තා සදහන් කළා.

අප මේ පිළිබඳව චෝදනාව එල්ලවන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් විමසිමක් කළ අතර, ඔහු සදහන් කළේ ඉඩමේ හිමිකරු කියන පුද්ගලයා එම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති හෙයින් ඒ සඳහා තමන් මැදිහත් වු බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරණ මහකුඹුක්කඩවල පොලිසිය දෙපාර්ශ්වයම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

දෙපාර්ශවයම කැද වූ අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට අවවාද කරමින් සදහන් කර ඇත්තේ, අධිකරණයට ගොස් සිවිල් නඩුවක් පවරා හිමිකාරිත්වය සම්බන්ධ ගැටලු‍ව විසඳා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයාගෙන් සහ මුරකරුගෙන්  මෙන්ම අදාළ සිද්ධියට පැමිණි සෙසු පුද්ගලයින්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇතත් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පොලිසිය මෙතෙක් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව සදහන්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive