තෙල් සංස්ථාවේ රුපියල් සංචිත ගොඩ ගැසේ - ඉන්ධන ගන්න ඕමානයෙන් ණයක්

Base.lk 6:49 AM Technology

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ රුපියල් සංචිත ගොඩගැසී තිබුණ ද ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු පවතින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.

මේ අතර, ඉන්ධන මිල දී ගැනීම සඳහා රජය  ඕමානය සමග ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක ණය මුදලක් සඳහා අත්සන් තැබීමට නියමිතයි.

ඛනිජ තෙල් සංස්ථාව විසින් එදිනෙදා පවතින මුදල් ප්‍රමාණයන්ට අනුව මේ වන විට ඉන්ධන ලබා ගැනීම සිදු කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බැවින් ජාත්‍යන්තර රටවල් සමග ඒකාබද්ධ වී ඉන්ධන මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙළක් සකස් කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ, අද දිනයේදී පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

එබැවින් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive