නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම අද පස්වරුවේ

Base.lk 6:49 AM Technology

වී ඇතුළු සියලු වගාවන් සඳහා යොදා ගැනීමට ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර අද පස්වරුවේ ගොවීන්ට ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට නියමිතව තිබෙනවා.

ඒ, වත්තල - හුණුපිටියේ පිහිටි කලම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩා සංකීර්ණයේදීයි.

ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂ 10කට යෙදීම සඳහා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් තිස් එක් ලක්ෂයක් ආනයනයට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර, ඒ අනුවයි අද අලුයම ඉන් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක් දිවයිනට රැගෙන එනු ලැබුවේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ සඳහන් කළේ, ඉතිරි දියර නයිට්‍රජන් පොහොර තොගය නැව් මඟින් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

මේ අතර තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ කිහිපයක ගොවි විරෝධතා සංවිධාන කර තිබුණා.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුකුළාපොළ ප්‍රදේශයේ ගොවීන් ඊයේ විරෝධතාවයෙන් නිරත වූයේ කොම්පෝස්ට් පොහොර යොදා සිදු කළ තම වගාවන් අසාර්ථක බව පවසමින්.

එමෙන්ම අර්තාපල් වගාව ජීවනෝපාය කර ගත් ඌව පරණගම ගොවීන් මැසිවිලි නගන්නේ මාස 06ක සිට වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැති අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි බලපෑම් කරමින්.

පොලොන්නරුව - ඇළහැර - ගඟේයාය ගොවීන් ද අක්කර සියයක පමණ වගා බිම් ප්‍රදේශයක් මෙම කන්නයේ අතහැර දැමීමටද තීරණය කර තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive