රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම්

Base.lk 6:49 AM Technology

දෛනික කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ලබන 30 වැනි දා සිට නොවැම්බර් මස 7 වැනි දා දක්වා රුසියාවේ වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ වනවිට රුසියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇති අතර දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1000සේ සීමාව අද පසුකර තිබීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය සදහන් කරන්නේ.

පොදු ස්ථානවලට සහ විවිධ වැඩසටහන්වලට සහභාගි වීමේදී ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබා තිබීම අනිවාර්ය කිරීම මෙන්ම වයස්ගත පුද්ගලයින්ට නිවසේ රැදී සිටීම අනිවාර්ය කිරීමට ද රුසියානු රජය ගෙන ඇති තවත් එක් ක්‍රියාමාර්ගයක්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive