මෙරට ප්‍රංශ තානාපති සහ විදේශ ඇමති අතර හමුවක්

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් හමුවී තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කෙරුණු බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

එසේම, දෙරට අතර පවත්නා බහුවිධ සහයෝගිතාව සහ මිත්‍රත්වය දෙපාර්ශවයම පිලිගත් බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ දෙරට අතර, වැඩි සබඳතාවක් ඇති කිරීමට සහ ව්‍යාපාර හා සංචාරක සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට හැකිවන පරිදි කොළඹ හා පැරිස් අතර ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive