ජාතික සංවිධාන එකමුතුවෙන්, ජනපතිට ලිපියක්

Base.lk 6:49 AM Technology

නව මැතිවරණ ක්‍රමය යටතේ පමණක් ඉදිරි මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරනවා.

පළාත් සභා මැතිවරණය පසුගිය රජය විසින් කල් දැමූ බවත් ඒ පිලිබඳව උතුරේ හෝ දකුණේ ජනතාව කිසිදු විරෝධයක් දක්වා නොමැති බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකරගේ අත්සනින් යුතුව යොමුකළ අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

සියල්ලට ප්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට විදේශිය සහ දේශිය බලවේග බලපෑම් කිරීම විමතියට හේතුවී ඇති බව සඳහන් කරන ජාතික සංවිධාන එකමුතුව, පවතින මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම මගින්, නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙන බවයි ප්‍රකාශ කරන්නේ.

ජනාධිපතිවරයා සත් භාවයෙන් යුතුව ආරම්භ කළ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය එමගින් අනතුරට ලක්වන බව ප්‍රකාශ කරන ඔවුන්, මැතිවරණ පැවැත්වීමට අදාළ නිර්දේශ ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීමට පෙර ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසීම ගැටලු සහගත බව ද සඳහන් කරනවා.

මේ අතර, මැතිවරණ ක්‍රමය සංශෝධනයකින් තොරව පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊයේ ප්‍රකාශ කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive