සීනි මිල යළි ඉහළට - 160 ටත් අලෙවි වෙයි

Base.lk 6:49 AM Technology

වෙළඳපොලේ සීනි මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

අද වනවිට සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 160 ත් 190 ත් අතර මිලක අලෙවි වන බවටයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

පිටකොටුවේ සීනි තොග වෙළඳුන් සඳහන් කළේ තමන් සතුව සීනි තොග නොමැති බවයි.

ඒ අනුව, කොළඹින් පිට ප්‍රදේශවල ද සීනි හිඟයක් මතුව තිබෙනවා.

ඇතැම් වෙළඳසැල්වලින් එක් පාරිභෝගියෙකුට සීනි ග්‍රෑම් 500 ක් පමණක් නිකුත් කරන බව ද හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

සීනි මිල මෙලෙස යළි ඉහළ ගොස් ඇත්තේ රජය ඒ සඳහා පාලන මිලක් නියම කර ඇති තත්ත්වයක් තුලයි.

සුදුසීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122කට සහ දුඹුරු සීනි රුපියල් 125 කට ඒ අනුව අලෙවි කළ යුතුයි.

පසුගිය කාලසීමාව තුලදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගියා.

මේ අතර, සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස ද ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මීට පෙර සහල් සඳහා ද පාලන මිලක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, පසුව එම පාලන මිල ඉවත් කිරීමට ද රජය කටයුතු කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive