ළමයින් 200 ට අඩු පාසල් හෙට සිට ඇරඹේ - ගුරු සංගම් වයඹ ආණ්ඩුකාරට දෙහි කපයි

Base.lk 6:49 AM Technology

ළමයින් 200 ට අඩු පාසල් හෙට දිනයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

ඒ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

කෙසේ වෙතත්, ඔන්ලයින් වර්ජනයේ යෙදුණු ගුරු සංගම් සඳහන් කළේ තමන් හෙට සහ අනිද්දා දිනයේදී පාසල් පැමිණීමෙන් වැළකී සිටින බවයි.

මේ අතර, පාසල් නොපැමිණෙන වයඹ පළාතේ ගුරුවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප අත්හිටුවීමට කටයුතු කරන බවට ඊයේ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

මේ අතර, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් ද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පාසල් ආරම්භ කරන දිනයන් තීරණය කරන්නේ වෘත්තීය සමිති බවයි.

ජෝශප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ සම්බන්ධයෙන් තමන්ගේ මතය තවදුරටත් එලෙසින්ම පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පාසල් දරුවන් හා ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුට නැවතිය නොහැකි බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive