සිංහ දේශයේ කොදෙව් ජයග්‍රහණය සිහිනය තවත් ඈතට. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක විශිෂ්ට ජයක්

Base.lk 6:49 AM Technology

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සෝබර්ස් තිසේරා කුසලාන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අත්කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 187කින් පරාජය කරමින්.

ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවෙනි ඉනිමේ ආරම්භය අතිශය විනාශකාරී එකක් වුණා.

ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය හමුවේ දණින් වැටුනු කොදෙව්වන්ගේ පළමු කඩුලු 6ම මුළු ලකුණු සංඛ්‍යාව 18ක් වන විට තමන්ගේ පැසට දාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඊයේ දිනය තුළ දී දඟ පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙනිය ඊයෙ බිඳ වැටුණු අනෙක් කඩුලු 2ට වග කිව්වා.

කෙසේ වෙතත් කඩුලු 6කට ලකුණු 18ක් පමණක් රැස්කරගෙන අසරණභාවයේ පතුලට වැටී සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නැවත ගොඩ ගැනීමට සිදු වූයේ පළමු ඉනිමේ ආකාරයටම පසුපෙළ පිතිකරුවන්ටයි.

කඩුල්ලේ රැඳී සිටි නිරුක්මාන් බොනර් සමග එක් වූ ජොෂුවා ද සිල්වා දණින් වැටී සිටි බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ක්‍රමයෙන් ඔසවන්නට පටන් ගත්තා.

ඉතා සංයමයෙන් තෝරා බේරා ගත් පන්දුවලට පමණක් පහර දෙමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දිගින් දිගටම වෙහෙසට පත් කළ මේ පිතිකරුවන් දෙදෙනා හත් වෙනි කඩුල්ල සඳහා ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩ නැගුවා.

එය තරගයේ අවසන් දිනයේ උදය වරුවේදී බිඳ දැමුවේ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය.

ඒ ජොෂුවා ද සිල්වා ලකුණු 54 කට දවා ගනිමින්.

ජොෂුවා මෙම ලකුණු 54 ලබා ලබා ගැනීම සඳහා පන්දු 129ට මුහුණ දී තිබුණු අතර ඉන් පන්දු පහක් හතරේ සීමාවෙන් එපිටට යොමු කර තිබුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive