විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමට එරෙහිව සහ විදුලිබල කේෂත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද දහවල් 12 සිට අකුරට වැඩි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවක දී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ, විසදුම් නො දුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය හෙට උදෑසන 7ට අවසන් වීමට නියමිතයි.

ඊයේ ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතුවලට බලපෑම් එල්ල වුණා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive