රුපියල් කෝටි 02 ක “කුෂ්” රේගු අත්අඩංගුවට

Base.lk 6:49 AM Technology

ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක්  ක් වටිනා ” කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ  සුදත්ත සිල්වා සඳහන් කළා.

මීට මාසයකට පමණ පෙර එංගලන්තය , ඇමෙරිකාව , ඉතාලිය සහ කැනඩාව යන රටවලින් කොළඹ , අහංගම , පිළියන්දල සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබුණා.

රේගු නිලධාරීන් විසින් මෙම පාර්සල් වල හිමිකරුවන් , ඒවා භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම නිසා , එම ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේදී , එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වී තිබෙනවා.

 
පසුව මෙම ගුවන් තැපැල් පාර්සල් 10 විවෘත කර පරීක්ෂා කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එහිදී කිලෝ ග්රැම් 01 යි ග්රැම් 300 ක් බරැති මෙම “කුෂ්” නැමැති ගංජා තොගය ඒවා තුළ තිබී අත් අඩංගුවට ගෙන තිබුණා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive