චන්ද්‍රිකා, චන්දිම මලික් අළුත් පිම්මකට සැරසෙනවා ද?

Base.lk 6:49 AM Technology

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන මලික් සමරවික්‍රම එකම කෑම මේසයක හිඳ ආහාර ගන්නා මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ඉහල ප්‍රතිචාර ලබමින් සංසාරණය වූයේ තවත් ආණ්ඩු පෙරළියකට සැරසෙනවා ද යන්න ප්‍රශ්නාර්ථයකට ලක් කරමින්.

මේ හමුවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද එක්ව සිටීම එම සැකය තවත් තීව්‍ර කරන කාරණයක් වුණා.

ආණ්ඩු පෙරළන්න මලික් ගෙදර චන්දිම චන්ද්‍රිකා සාකච්ඡා යනුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය හරහා මෙම හමුව වාර්තා කර තිබුණ ද ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මේ හමුව සිදුවී ඇත්තේ ගාල්ලේ තල්පේ අලුතෙන් ඉදිවන හිටපු ජනාධිපතිනියගේ නිවසක බවයි.

එම නිවස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ගේ නිවස ආසන්නයේම පිහිටා ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් හදිසියේ සිදු වූ මෙම හමුවේ දී රටේ තොටේ සිදුවන දේ සරලව සාකච්ඡා කර පිරිස  විසිර ගිය බවයි අප සමග අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive