ජලාශ 25 ක් වාන් දමයි - තවදුරටත් තද වැසි

Base.lk 6:49 AM Technology

දිවයිනේ පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපය තුල තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරුමැද, බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක වලටත් හෙට දිනයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

පවතින මෙම අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ කොළඹ, කලුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ සඳහා නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය ද හෙට පස්වරු 3 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම, මහවැලි, නිල්වලා ගංගා මෙන්ම දැදුරු ඔය, රාජාංගනය සහ මල්වතු ඔය මෙන්ම තවත් ජලාශ කිහිපයක පහත් බිම්වල වෙසෙන ජනතාවට පැය 48 ක කාලයක් සඳහා ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට ප්‍රධාන ජලාශ 73 න් ජලාශ 25 ක වාන් දමමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive