ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට අවස්ථාව

Base.lk 6:49 AM Technology

කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්තවීමත් සමග මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී තිබුණා.

ඊට හේතු වී ඇත්තේ මෙරට තුළ පවතින ඩොලර් හිගය බව පැහැදිලිව රජය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට සිහින මවන මෙරට වැසියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ දින බලාපොරොත්තුවක් ලබා දුන්නා.

ඒ ඉන්ධන වලින් ක්‍රියාකරන රථ වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ආනයනය කිරීමටයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කල්‍යාණී රන් පිවිසුම නව කැලණී පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24 වැනිදා) එක් වෙමින්.

අපිට ගල් අගුරු නැහැ, අපිට තෙල් නැහැ.අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා. සුළග තියෙනවා. හිරු එළිය තියෙනවා. අපිට 71%ක් ඉන්ධන ගෙන එන්නේ වාහන වලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන එන්නට. අපි මේවා ගැන හිතලා විසදුම් ගෙන එන්නට ඕනෙ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive