මහරගම නගරසභාවේ උණුසුම් තත්ත්වයක්

Base.lk 6:49 AM Technology

මහරගම නගරාධිපතිවරයා හොරෙන් ලයිට් ගැනීම , කෝටි 8ක මූල්‍ය වංචාවක් හා පැවති සැප්තැම්බර් ඔක්තෝම්බර් මහා සභාව රැස්වීම්  නීත්‍යානුකූල නොවන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් නගරාධිපතිවරයාට එල්ල කළ විරෝධතා වත් සමඟ අද පැවති මාසික මහා සභා රැස්වීම උණුසුම්  මුහුණුවරක් ගත්තා.


එහිදී ඇති වූ ඇතිවූ  කලහකාරී තත්වය හේතුවෙන්  උප නගරාධිපතිවරයාට  අවස්ථා දෙකක දී නගරාධිපතිවරයාට එක් අවස්ථාවකදී ද මහා සභාව රැස්වීම කල් දැමීමට සිදු වුණා.

මෙහිදී හොරෙන් විදුලිය ලබාගත් නගරාධිපතිවරයාට විරෝධය පළ කරමින් හැලජින් වර්ගයේ විදුලි ලාම්පුවක් සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 25 දෙනකු සභාව මැදට පැමිණ විරෝධතාව පළ කළා.

එහිදී නිශාන්ත විමලචන්ද්‍ර , කාන්ති කොඩිකාර අමරපාල වන්නිආරච්චි රුවන් සේනාරත්න ප්‍රදීප්  ලියනගේ  යන මන්ත්‍රීවරුන් අවස්ථා තුනකදී නම් කොට සභාවෙන් පිට කිරීමට නියෝග කළා.
 
එහිදී ආරක්ෂක අංශය පැමිණ ඔවුන්  ඉවත් කිරීමට යාමේදී සෙසු මන්ත්‍රීවරුන් ඔවුන් ආරක්ෂා කරනු දක්නට ලැබුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive