කින්නියා නගරාධිපති දෙසැම්බර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ත්‍රිකුණාමලය - කින්නියා කුරුන්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුව පෙරලී දරුවන් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම් නලීම් අද අත්අඩංගුවට ගත්තා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රිකුණාමලය පොලීසියට පැමිණි අවස්ථාවේදීයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දෙසැම්බර් 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  

මේ අතර, කුරුන්චාකර්නි පාලම මාස 9 ක් ඇතුළත සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive