නැගෙනහිර පළාතේ පාලම්පාරුවල ගුණාත්මක තත්ත්වය සොයන්න විශේෂ කණ්ඩායමක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

නැගෙනහිර පළාතේ දැනට භාවිතයට ගන්නා සියලුම පාලම් පාරුවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.

ඒ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ උපදෙස් මතයි. පොලීසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව එම කණ්ඩායමට ඇතුළත්.

කුරුන්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරලී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආණ්ඩුකාරවරිය විසින් මීට පෙර විශේෂ කමිටුවක් පත් කළ අතර එමගින් ගත් තීරණවලට අනුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive