කොළඹ කොටුව දක්වා පැමිණෙන මාර්ග අබලන් බව අමාත්‍යාංශ ලේකම් පිළිගනී

Base.lk 6:49 AM Technology

කොළඹ මහ නගර සභාව මගින් පාලනය කරන කොළඹ කොටුව දක්වා පැමිණෙන ඇතැම් මාර්ග අබලන් යැයි තමන්ද පිළිගන්නා බව මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ, මෙරට ප්‍රධාන වාණිජ කේන්ද්‍රය වන කොළඹ නගරයේ මාර්ග අබලන්ව තිබීම සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදීයා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබා දෙමින්.

කොටුව ජනාධිපති මන්දිරය වෙත මෙන්ම විදේශ අමාත්‍යංශය වෙත ගමන් කළ හැකි ශ්‍රීමත් බාරෝන් ජයතිලක මාර්ගය ද මෙලෙස අබලන් වී තිබීම සම්බන්ධයෙන් එහි දී ප්‍රශ්න කෙරුණා.  

කොළඹ - පුත්තලම මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන බවයි ඔහු සඳහන් කළේ.

ඇතැම් පළාත් පාලන ආයතන කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා වර්ෂා තත්ත්වයත් සමග මාර්ග ජලයෙන් යට වන බවයි මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive