සුරේෂ් සලෛගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට සී.අයි.ඩීය සූදානම්

Base.lk 6:49 AM Technology

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් ඇතුළු පාර්ශව කිහිපයක් සිදු කර ඇති චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳ කරුණු වාර්තා කරමින්.

විමර්ශන කටයුතු තවදුරටත් අවසන්ව නොමැති බවද එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙහි දී අධිකරණය නියෝග කර ඇත්තේ විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive