පොලිස් නිලධාරීයෙකුට පහර දුන් 6 දෙනෙකු අත්අඩංගුවට

Base.lk 6:49 AM Technology

ධර්මපුරම් - පිරමන්දාරු ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් සමතයකට පත්කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර, නිලධාරියෙකුට පහරදුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ වැඩබිමකදී නුගේගොඩ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් මෙම සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 28ත් අතර වයස්වල පසු වන ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී මොවුන් මෙලෙස පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර එක් පොලිස් නිලධාරියෙකුට පහර දී තිබුණේ පසුගිය ඔක්තෝම්බර් මස 4 වනදා යි. 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive