ශ්‍රී ලංකා ගුවන් සේවය ඉන්දීය ගුවන් ගමන් පුළුල් කරයි

Base.lk 6:49 AM Technology

පශ්චාත් කොවිඩ් මට්ටමේ වුව ද ඉන්දීය ගුවන් ගමන් සීමා නො කර පවත්වා ගැනීමට ශ්‍රී අංකා එයාර්ලයින්ස් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

නොවැම්බර් 25 නවදිල්ලිය වසංගත තත්ත්වය මත තාවකාලික ව වසා දැමුණු අතර, ඒ හේතුවෙන් ගුවන් ගමන් ද තාවකාලික ව නවතා දැමුණා.

නමුත් කොවිඩ් මට්ටමේ යම් පාලනයක් සිදු වෙන මෙවැනි මොහොතක, නවතා දැමූ ගමනාන්ත වෙත ගුවන් ගමන් වැඩි කිරීමටත් ඉන්දීය සංචාරකයින්ට ලංකාව පුළුල් ව විවෘත කිරීමටත් තීරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හි සභාපති අශෝක් පතිරගේ පැවසුවේ, ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳපොළක් වන ඉන්දියානු වෙළෙඳපොළ සමඟ පූර්ණ පරිමානයේ මෙහෙයුම් නැවත ස්ථාපිත කිරීම මෙහි අරමුණ වන බවයි.
 
ගෝලීය සංචාරක සීමාවන් ලිහිල් කර ඇති බැවින් සංචාරකයින් අතර විශ්වාසය ගොඩනගා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් බව යි අශෝක් පතිරගේ මහතා වැඩිදුරටත් පැවසුවේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive