අම්බානි පරදවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වේ

Base.lk 6:49 AM Technology

ඉන්දියාවේ මෙන්ම ආසියාකරයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානි අභිබවා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍යය සඳහන් කරන පරිදි ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස වර්ධනය වීම විශේෂත්වයක්.

එතැන් සිට ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානිගේ වත්කම් සියයට 1808කින් එනම්, ඩොලර් බිලියන 83.89කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මුකේෂ් අම්බානිගේ වත්කම්ද එම කාලය තුළ සියයට 250කින් ඉහළ ගිය ද සෞදි ඇරැම්කෝ ඛනිජ තෙල් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අත්හැරීමත් සමඟ රිලායන්ස් සමූහයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණා.

එහිදී අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ හුවමාරු වූ අතර, අදානි පෝට්ස් කොටස් මිලද සියයට පහකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.  

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරනු ලබන්නේද අදානි පෝට්ස් සමාගම විසින්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive