" ඩොලර් හිඟයක් ඇත් නම් වහා ම මට කියන්න" කබ්රාල් වෙළෙඳ ඇමතිට දන්වයි

Base.lk 6:49 AM Technology

ඩොලර් හිඟය හේතුවෙන් වරායේ කිසිඳු කන්ටේනරයක් හිර නො වෙන පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  පවසනවා.

මහ බැංකු සමඟ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කර සිටියා.

වරාය තුළ කන්ටේනර් සිර වී ඇති බව තමා ඊයේ (25) පුවත් පත් තුළ පළ වී ඇති ආකාරය දුටු බවත් ඒ පිළිබඳ වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනගෙන් විමසා සිටි බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.

ඩොලර් හිඟය හේතුවෙන් මෙසේ කන්ටේනර් වරායේ සිර වී ඇති නම්, ඒ බව වහා ම මහ බැංකුවට දැනුම් දෙන ලෙසට යි මහ බැංකු අධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට දන්වා තිබෙන්නේ.

කිසිවිටකත් එවැනි අර්බුධයක් ඇති නො වීමට, මහ බැංකුව වග බලා ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා.

 
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive