වින්ඩිගේ අයියෝ සාමි ගීතයට ජාත්‍යන්තර සම්මානයක්

Base.lk 6:49 AM Technology

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඉකුත් 24 දින පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී (16 th Edison Awards) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය දිනා ගැනීමට වින්ඩි ගුණතිලක සමත් වුණා.

ඒ ඇය විසින් ගායනා කරන ලද පොතුවිල් අස්මින් විසින් පද රචනය කළ අයියෝ සාමි ගීතය සඳහායි.

අදාළ අවස්ථාව සඳහා පොතුවිල් අස්මින් සහ මෙහි සංගීත‍ නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඊයේ (26) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඇය ” අයියෝ සාමි ” ගීතය ජාත්‍යන්තර ගීත දර්ශකවල ඉහළින්ම ඔසවා තැබීමට ලොව පුරා තම රසිකයන් පළ කර තිබූ මනාප සඳහා ස්තුතිය පළ කර සිටියා.

එඩිසන් සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර මෙවර එය පැවැත්වුණේ 16 වන වරටයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive