සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අද

Base.lk 6:49 AM Technology

හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම අද පෙරවරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහය පළකරන ශ්‍රී ලංකා කණ්ඩායම යන දෙපාර්ශ්වයම සහභාගී විමත් විශේෂත්වයක්.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වුණා.

කෙසේ වෙතත් එම උත්සවයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහගාගී වුණේ නැහැ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive