ස්වයං රැකියාවේ නියුතු අයට විශ්‍රාම වැටුපක්

Base.lk 6:49 AM Technology

ස්වයං රැකියාවල නියුතු අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බවත් දක්ෂතා ඇති සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යාංශය යටතේ කෙටි පුහුණුවකින්, පරීක්ෂණයකින් සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.

ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුප් ලබා දීමේ වැඩපිළිවෙල මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට ඉදරිපත් කර ඇති බවයි අමත්‍යවරයා සඳහන් කළේ.

ලක්ෂ 12ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive