රජයේ තීන්දු නිසා දියුණුවන සංචාරක කර්මාන්යටත් කණ කොකා හඬලන බව විපක්ෂ නායක කියයි

Base.lk 6:49 AM Technology

රජයේ අමනෝඥ තීන්දුවක් නිසා දියුණුවන සංචාරක කර්මාන්යටත් කණ කොකා හඬලා ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා

ඔහු මේ බව සඳහන් කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ අද කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේවන විට ක්‍රම-ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කර ඇති බවත්, සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත් සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සහ අමතර ගාස්තු සමඟ සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් සාර්ක් රටවල ඩොලර් 58 ඉක්මවා ඇති බවයි.

මේ නිසා වර්ධනය වූ සංචාරක කර්මාන්තය පවා ඇනහිටින බවත් ඔහු පවසනවා.

මේ නිසා රෙඩ් වින්ග්ස් කියන ගුවන්යානය හරහා රුසියාවෙන් අප රටට සතියකට 800ක් පමණ සංචාරකයන් පැමිණිමට නියමිතව තිබුණත් එය ද මේවන විට නතර කර ඇති බවත් මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගන්නට පෙර විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළා ද කියා ගැටලුවක් ඇතිව තිබෙන බවත් තායිලන්තය, කැම්බෝඩියාව, වියට්නාමය, මාලදිවයින, බාලි වැනි රටවල වීසා සහන මෙන්ම වීසා ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇති මොහොතක අප රට ඩොලර් 100 ඉක්මවා ගිය මුදලක් අය කරන බවත් මෙය අමනෝඥ තීන්දුවක් බවත් විපක්ෂ නායක සඳහන් කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive