මන්නාරමේ ඛනිජ ඉඩම් අල්ලන ජාවාරමක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

මෙරට අධික වටිනාකමක් සහිත ඛණිජ සම්පත් පවතින මන්නාරමේ ඉඩම් රහසිගතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන් හිරු CIA කණ්ඩායම පරිසරවේදීන් පිරිසක් සමග කළ සොයාබැලීමකදී සංවිධානාත්මක පිරිසක් සිදුකරන එම ඉඩම් කොල්ලය ගැන තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවුණා.

සංචාරක පක්ෂීන් වැඩි වශයෙන් මෙරටට ළඟාවන ප්‍රධාන දොරටුව වන මන්නාරම දුපත අවට ප්‍රදේශය සම්බන්ධයෙන් මෑතකදී දැඩි කථාබහට ලක්වන්නේ ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ඉදිකිරීමට යෝජිත සුලං විදුලි ව්‍යාපෘතිය හේතුවෙන්.

මේ පිලිබඳ සොයාබැලීමට මන්නාරමේ සංචාරයක නිරත හිරු සී.අයි.ඒ.කණ්ඩායමට අදාළ ප්‍රදේශයේ රජයේ, පෞද්ගලික මෙන්ම වෙරළ ආශ්‍රිත ඉඩම් වැටවල් ගසා කොටු කර විකිණීමේ ජාවාරමක තොරතුරුද හෙළි වුණා.

මෙම ජාවාරම සිදුකරන්නේ රාත්‍රී කාලයේ පැමිණෙන සංවිධානාත්මක පිරිසක්.

ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ විකිරණශීලී මුලද්‍රව්‍ය අඩංගු මොනසයිට් නැමැති ඛණිජ ද්‍රව්‍ය මේ අවට පරිසරය පුරා විසිරී පවතින බැවින් එම ඉඩම්වල වටිනාකම අතිමහත්.

ඉන්දියාව, මෙන්ම ඔස්ට්‍රේලියානු පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් මේ වනවිටත් මෙම ඉඩම්වල පවතින ඛණිජ සම්පත් සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිටින පසුබිමකයි සංවිධානාත්මක පිරිස් බලහත්කාරයෙන් මෙම ඉඩම් මහා පරිමාණයෙන් කොටුකර විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක කරන්නේ.

සංවිධානාමක ඉඩම් ජාවාරම්කරුවන් මෙම ප්‍රදේශයේ තල් ගස් දහස් ගණනක්ද මෙලෙස ගිනි තබා විනාශ කර ඇත්තේ මෙම ඉඩම් මුඩු බිම් බවට පත්කිරීමේ අරමුණ ඇතිවයි.

අපගේ මෙම අනාවරණයෙන් පසුව හෝ මෙම ඉඩම් ජාවාරම්කරුවන්ට රටේ නීතිය ක්‍රියාත්මක නොකළහොත් තව නොබෝ දිනකින් තල් ගසක්වත් මේ ප්‍රදේශයේ ඉතිරි නොවනු ඇතී.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive