කොළරාව සඳහා වන නව මුඛ එන්නත පූර්ව සුදුසුකම් ලැයිස්තුවට

Base.lk 6:49 AM Technology

කොළරාව සඳහා වන නව මුඛ එන්නතක් පූර්ව සුදුසුකම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මෙම මුඛ එන්නත දැනට පවතින එන්නත්වලට සමාන කාර්යක්ෂමතාවයකින් යුක්තයි.

2022 වසරේදී ලොව පුරා කොළරා රෝගීන් 473,000ක් වාර්තා වී තිබූ අතර, එය 2021 වසරේ වාර්තාවූ සංඛ්‍යාව මෙන් දෙගුණයක්.

දැනට ලොව රටවල් 23ක කොළරා රෝගය පැතිරීම වාර්තා වනවා.

මේ වනවිටත් අප්‍රිකානු රටවල් වන කොමරෝස්, කොංගෝ, ඉතියෝපියාව, මොසැම්බික්, සෝමාලියාව, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවලින්ද විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive