ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර නොදක්වන බව ඉරානය කියයි

Base.lk 6:49 AM Technology

ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර නොදක්වන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ පසුගියදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ සිය රටේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් පමණක් බවටයි.

මේ අතර, ලොව රටවල් රැසක්ම නායකයින් ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණේ මෙම අවස්ථාවේ ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසටයි.

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ඊයේ වාර්තා වූ අතර ඉරානයේ මධ්‍යම පළාතේ ඉස්ෆහාන් ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ලවී තිබූ බවටයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඉරානය සඳහන් කළේ ඊශ්‍රාලයට අයත් ඩ්‍රෝන යානා 3 ක් සිය හමුදාව විසින් බිම හෙළා ඇති අතර, වෙනත් කිසිදු ප්‍රහාරයක් සිය රටට එල්ල නොවූ බවයි.

පසුගිය 1 වනදා සිරියාවේ පිහිටි සිය කොන්සල් කාර්යාලයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියයාමට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායාලයට ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල 300 කට වැඩි ප්‍රමාණයක් පසුගියදා එල්ල කරනු ලැබුවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive