ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වීමේ තීරණය ලබන අඟහරුවාදා (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ඉන්දියාවේ සිට ලොකු ලූනු මෙටි්‍රක් ටොන් 10,000ක් ආනයනය කරනු ලබන්නේ රජයේ ආයතනයක් හරහාද නැතහොත් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා ද යන්න සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයක් ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජා-ඇළ අද (20) පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, ඉදිරියේදී බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසනවා.

මහනුවර ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ කුකුළු මස් සහ බිත්තර ප්‍රමාණවත් පරිදි මේ වනවිට වෙළඳපොලේ පවතින බවයි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive