ඉන්ධන මිල සංශෝධනය අද

Base.lk 6:49 AM Technology

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (30) රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන්, ඉන්ධන මිල පහළ යනු ඇති බවට යි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුණේ පසුගිය මාර්තු 31 වැනිදායි.

ඒ අනුව එහිදී ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ඉන්ධන වර්ගය රුපියල් 07කින් පහළ ගිය අතර 447ක පැවති මිල එහිදී රුපියල් 440 ලෙස සටහන් වුණා.

එමෙන් ම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 රුපියල් 72කින් පහළ ගිය අතර නව මිල සටහන් වූයේ රුපියල් 386ක් ලෙසයි.

එමෙන් ම ලංකා භූමිතෙල් රුපියල් 12කින් පහළ ගිය අතර නව මිල සටහන් වූයේ රුපියල් 245ක් ලෙසයි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive