කටුනායක ගුවන්තොටුපොළෙහි රත්තරන් බඩු කඩයක් දාන්න අනුමැතිය

Base.lk 6:49 AM Technology

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටත් වීමේ (සංක්‍රමණ කලාපය) කලාපය තුළ රත්තරං සාප්පුවක් හඳුන්වා දීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව, ඊට ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමය කරමින් ලංසු කැඳවීම පිණිස වාරය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ මෙම පහසුකම් නොමැති බැවින් මෙය ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනාව සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive