කරඳගොල්ලේ නායයෑමේ අවදානම ගැන තවදුරටත් පරීක්ෂණ (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමේ අවදානම මතුව ඇති ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරික්ෂණ අදත් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය නායයාමේ අවදානම මතුව ඇති කරඳගොල්ල ප්‍රදේශයේ විද‍්‍යාත්මක පරික්ෂණ කටයුතු ආරම්භ කළේ ඊයේ (01) දිනයේදී යි.

ඇල්ල කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාමේ අවදානම පිළිබඳව හිරු ප්‍රවෘත්ති පසුගිය 26 වැනිදා වාර්තා කළා.

එම ක්ෂේත්‍ර පරික්ෂණ අදත් සිදුකරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එම ප්‍රදේශයේ පැවැති අවදානම කළමණාකරනය කිරිමට අවශය පියවර ගනිමින් සිටින බව ද ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

මෙවන් පසුබිමක කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශයේ ජනතාව තවදුරටත් චෝදනා කරන්නේ.

මෙම නායයෑම් සඳහා උමා ඔය ව්‍යාපෘතියේ බලපෑමක් ඇත්ද යන්න සොයාබලා කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive