නිවාස 03කට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර

Base.lk 6:49 AM Technology

යාපනයේ ස්ථාන තුනක පිහිටි නිවාස තුනකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති අතර එම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය විසින් අද (05)
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර අලුයම් කලයේදී එල්ල වී ඇති එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

එම ප්‍රහාරයෙන් නිවසේ කොටස් කීපයකට ගිණි ඇවිලී ගොස් ඇති අතර අච්චුවේලී පොලීසිය පැවසුවේ ප්‍රහාරය එල්ල කරණ ලද්දේ කවර හේතුවක් මතද යන්න පිළිබදව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

මේ අතර අච්චුවේලී පොලිස් බල ප්‍රදේශයේ තවත් නිවාස දෙකකට සවස් කාලයේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද අච්චුවේලී පොලීසිය සිද්ධියට සම්බන්ධ බව පැවසෙන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භකර තිබෙනවා.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළ එම නිවෙස් දෙකටම ගල් ප්‍රහාරද එල්ල කොට එම නිවෙස් වල දොර ජනෙල්වී දුරු බිද දමා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive