ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට පූර්ණ සහය - ආසියානු සංවර්ධන බැංකුව කියයි

Base.lk 6:49 AM Technology

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මෙරට ආර්ථික ක්‍රියාකාරි සැලැස්ම සහ ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කර තිබෙනවා.

ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හමුවූ අවස්ථාවේදියි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ දිනවල ආසියානු සංවර්ධන බැංකුවේ 57 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ජෝර්ජියාවට ගොස් සිටින අතරතුරදියි මෙම හමුව සිදුවී ඇත්තේ.

එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබදව මෙන්ම ආර්ථික ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා එහිදි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ අඛන්ඩව සහයෝගය ලබාදෙන බවටයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive