රාජ්‍ය වෙසක් උත්සවයේ පිංඩපාත චාරිකාව

Base.lk 6:49 AM Technology

මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සංවිධාන කර තිබු පිංඩපාත චාරිකාවක් අද (05) නාඋල නගරයේ දී පවත්වා තිබෙනවා.

නාඋල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා මේ සදහා වැඩමකර ඇති බවයි වාර්තා වන්නේ.

නාඋල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ වැඩබලන ලේකඛාධිකාරි පූජ්‍ය කඹරව විජිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ හතලිස් එකක් වූ පුජනීය මහා සංඝරත්නය නාඋල නගරයේ පිඩු සිගා වඩිමින් නාඋල නාතිස්ස රාජ මහා විහාරස්ථානය වෙත වැඩම කළ බව සඳහන්.

අප වාර්තාකරු පැවසුවේ එහිදි නාඋල නාතිස්ස රාජමහා විහාධාරිපති පුජ්‍ය බිබිලේ වජිරඥාන ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පිණ්ඩපාත චාරිකාවේ වැඩමකන ලද භික්ෂුන් වහන්සේ වෙත අවශ්‍ය පහසුකම් සලසා දුන් බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive