දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

දඹදිව වන්දනාව සඳහා ගිය මාතර - වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් වූ පුවතක් වාර්තා වනවා.

දෙමාපියන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වී ඔහුට සිදු වූ දේ සොයා දෙන ලෙසයි.

මෙලෙස අතුරුදන් වූ 44 හැවිරිදි චරිත සුනෙත් නම් පුද්ගලයා පසුගිය මාර්තු 28 වැනිදා සිය මිතුරෙකු සමඟ දඹදිව වන්දනාවට ගොස් ඇත්තේ දින පහක් සඳහායි.

මිතුරා පවසා ඇත්තේ මොහු පසුගිය 2 වනදා අලුයම හෝටලයන් පිටත්ව ගිය බවයි.

ඉන්පසු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැති බවයි මිතුරා ඥාතීන් වෙත පවසා ඇත්තේ

අදාල පුද්ගලයා හෝටලයෙන් පිටව යන අයුරු CCTV කැමරාවකද සටහන්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මිතුරා එරට පොලිසියට පැමිණිලි කළද මේ දක්වා කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.

මේ සම්බන්ධයෙන් මිතුරා සහ ඥාතීන් විදේශ කටයුතු අමාත්‍යාංශය ද දැනුවත් කර තිබෙනවා.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive