හංවැල්ලේදී දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගනී

Base.lk 6:49 AM Technology

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ අත් බෝම්බයක් අතැතිව තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයෙකු වළක්වාලීම සඳහා පෙලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මේ වනවිට මෙහෙයුමක් දියත්කර ඇති බවට පොලිසිය පවසනවා.

සැකකරු මේවනවිටත් සිය දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සිටින බව අප වාර්තාකරු පැවසුවේය.

බිරිඳ සමග ඇතිවූ අරවුලක් හේතුවෙන් බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙලෙස අත් බෝම්බයක්ද රැගෙන නිවසට ඇතුළුවී ඇති අතර බිරිඳ නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන ඇති බව වාර්තා වන්නේ.

ඉන් කෝපයට පත් පුද්ගලයා සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බව පොලීසිය පවසන්නේ.

දරුවන් දෙදෙනා මුදාගැනීම සඳහා මේවනවිටත් පොලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මෙහෙයුම් අරාම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive