News

ජනපති චමරිට සුබ පතයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සුබපැතුම් එක්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (17) ලද විශිෂ්ට ජයග්‍රහණයත් සමග‍යි ජනාධිපතිවරයා පෞද්ගලිකව චමරි අතපත්තු වෙත සුබපැතුම් එක්කර ඇත්තේ.

දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් එක්දින තරගයේදී ක්‍රිකට් වාර්ත පොත අලුත් කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 301ක් රැස්කල අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 302 ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 3ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කර තරගය ජය ගැනීමට සමත් වුණා.

එම තරගයේදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් වාර්තා කිරීමටද සමත් වුණා.

Scroll to Top