ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හිදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 59ක් සහ 21ක් වූ පුද්ගලයන් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හි දිය ඇල්ලක් නැරඹීමට ගොස් සිටිය දී යි මෙම අනතුර සිදුව ඇත්තේ.
එහිදී දිය නෑමට ගොස් සිටි පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති බවත්, ඔහුව බේරාගැනීමට දියණිය සහ පුත්‍රයා උත්සාහ දරා තිබෙන අතර එහිදී තිදෙනාම දියේ ගිලී ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දියණියගේ දිවි බේරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.