News

ළමා නිවාසයේ දැරියන් කෙළසී යැයි චූදිත මහලු දේවගැතිවරයා අත්අඩංගුවට

යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක නේවාසික දැරියන් 04 දෙනෙකු දූෂණය කළ බව චූදිත දේවගැතිවරයාව කොළඹ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු අසූවක් වන මෙම දේවගැතිවරයා දූෂණ චෝදනා එල්ල වීම සමඟ යාපනයේ සිට කොළඹට පළා ඇවිත් සිටියදි මෙලෙස පොලිසියේ අත් අඩංගුවට පත් වුණා.

ළමා නිවාසයේ දරු දැරියන් 16 දෙනෙකු සිටින අතර ඒ අතරින් දැරියන් 4 දෙනෙකු දූෂණය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව යි කෝපායි පොලිසිය දේවගැතිවරයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.

Scroll to Top