දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (30) දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට වැසි හෝ ප්‍රබල අකුණු අද (29) පස්වරුවේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.