රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් ( 16,500,000/=) වටිනා ජිප් රථයක් කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබියදී සොරකම් කිරීම සම්බන්ධයෙන් හා 2023.12.18 වැනිදා වාහනයක් ලබා දෙන බව පවසා එක්කෝටි විසිපන් ලක්ෂයක ( 12,500,000/=) මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
මෙම හා සම්බන්ධ සැකකරු ව්‍යාජ නම් කිහිපයකින් පෙනී සිටින බව සඳහන්.
එමෙන්ම අපරාධ රැසකට සම්බන්ධ බව අනාවරණය වී තිබෙනවා.
මොහුට භාෂා කිහිපයක් හැසිරවීමට හැකියාව ඇති බවත්, මොහු ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡන ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ අනූවයි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන්නේ.
සැකකරු, රෆික් මොහොමඩ් ෆාරිස් නැමැත්තෙකු වන අතර ජා.හැ.ප අංකය :- 761850466v ලෙස සඳන් වන අතර ඔහුගේ උපන්දිනය 1976.07.03 වැනිදා ලෙසද සඳහන්.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591735
ස්ථානාධිපති, විමර්ශන ඒකක (05) 071-8596507