News

කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් ස්ථාපනයට ව්‍යාපෘතියක්

කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාව විසින් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කන්කසන්තුරේ වරායේ සිට පොන්ඩිචේරි දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහායි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම මගී ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතයි.

Scroll to Top