News

සම සෞඛ්‍ය උපාධිධාරින් බඳවා ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස   පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

මැයි මාසය අවසන් වීමට පෙර මෙම උපාධිධාරීන්ට වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක අනුස්ථාපන සහ සමායෝජන පුහුණුවක් ලබා දෙන අතර ඉන් අනතුරුව ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

පුහුණු පාඨමාලාවට බඳවා ගැනීමේදී ඔවුන්ට 45000.00ක දීමනාවක් සහ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී රුපියල් 75000ට වඩා ඉහළ වැටුප් ලබා දීමක් සිදුකරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

එමෙන්ම මෙම පිරිස බඳවා ගැනීමට පෙර අනෙක් කණ්ඩායමට විභාගය පැවැත්විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.


Scroll to Top