News

මත්ද්‍රව්‍ය චෝදනාවට වරදකරු වූ තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු කුඩු ග්‍රෑම් 6.95ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 37 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

2013 වසරේ අප්‍රේල් මස 07 වැනිදා කොටහේන ප්‍රදේශයේදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිට දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

Scroll to Top